Posts

Showing posts from July, 2020

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට ඡන්දය ලබා දීමට වෙනම දිනයක්

Image
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට ඡන්දය ලබා දීමට වෙනම දිනයක් මෙම මස 31 වන දින නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට ඡන්දය ලබා දීමට අවස්ථාව සළසා දෙන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.  එදිනට තමා සිටින නිරෝධායන මධ්‍යස්ථානයේ සිටම ඡන්දය ලබා දීමට හැකිවන පරිදි ඔවුන්ට අවස්ථාව ලබා දෙන බව එතුමා සදහන් කරයි.

ගම්පහ ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට කොරෝනා

Image
ගම්පහ ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට කොරෝනා යක්කල, හේන්පිටමුල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව පසුගිය 19 වැනිදා තහවුරු වී ඇත. එම ගුරුවරයා ගම්පහ ප්‍රදේශයේ  පාසලක සේවය කරන අතර කොවිඩ් – 19 ආසාදනය වීමත් සමඟ ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයන් 150කට අධික පිරිසක් PCR පරීක්ෂණයන්ට භාජන කළ බව ගම්පහ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාෂ සුබසිංහ මහතා සඳහන් කළා. PCR පරීක්ෂණ සදහා යොමු කළ පුද්ගලයන් අතර මෙම ගුරුවරයා සේවය කළ පාසලේ ශිෂ්‍යයන්, ගුරුවරුන්,  අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් සහ ආසාදිත ගුරුවරයා විසින් කණ්ඩායම් පන්ති පැවැත්වූ සිසුන් සහ ඔවුන්ගේ මවුපියන් ඇතුළු මොහු සමීපව ඇසුරු කළ පුද්ගලයන් වේ. මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලට ගොස් PCR පරීක්ෂණ 113ක් සහ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළ පරීක්ෂණ 52  සිදුකර ඇත. මේ දක්වා එම පුද්ගලයන්ගේ පරීක්ෂණ වාර්තා ලැබී නොමැති බවත් ඔවුන්ගෙන් මේ දක්වා ආසාදිත බවට තහවුරු වන රෝග ලක්ෂණ මතුවී නොමැති බවත් පැවසේ.

එකම පවුලේ තුන් දෙනෙක්ට කොරෝනා

Image
එකම පවුලේ තුන් දෙනෙක්ට කොරෝනා  වයික්කාල පිහිටි සංචාරක හෝටලයේ ඩුබායි සිට පැමිණි එකම පවුලේ හතර දෙනෙක් නිරෝධායනයට යොමු කර අති අතර ඔවුන්ගෙන් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මව පියා සහ වයස අවුරුදු හතක් වූ පිරිමි දරුවෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත. මේ වන විට ඔවුන් ප්‍රතිකාර සදහා මිනුවන්ගොඩ රෝහලට මරුකර යවා ඇත.

පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කල් දැමේ

Image
පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කල් දැමේ   2020 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට ජාතියන්තර ක්‍රිකට් කවුන්සිලය තීරනය කර ඇත. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මතුව ඇති අස්තාවරභාවය නිසා  මෙම තීරනය ගෙන ඇත.  මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී එළඹෙන ඔක්තෝම්බර් - නොවැම්බර් කාල සීමාවේදී පැවැත්වීමට නියමතව තිබුණි.  එමෙන්ම 2023 පෙබරවාරි - මාර්තු පැවැත්වීමට තිබුණු පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය ද  ඔක්තෝම්බර් - නොවැම්බර් දක්වා කල් දමා ඇත.