ගම්පහ ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට කොරෝනා
ගම්පහ ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට කොරෝනා
යක්කල, හේන්පිටමුල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව පසුගිය 19 වැනිදා තහවුරු වී ඇත. එම ගුරුවරයා ගම්පහ ප්‍රදේශයේ පාසලක සේවය කරන අතර කොවිඩ් – 19 ආසාදනය වීමත් සමඟ ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයන් 150කට අධික පිරිසක් PCR පරීක්ෂණයන්ට භාජන කළ බව ගම්පහ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාෂ සුබසිංහ මහතා සඳහන් කළා.
PCR පරීක්ෂණ සදහා යොමු කළ පුද්ගලයන් අතර මෙම ගුරුවරයා සේවය කළ පාසලේ ශිෂ්‍යයන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් සහ ආසාදිත ගුරුවරයා විසින් කණ්ඩායම් පන්ති පැවැත්වූ සිසුන් සහ ඔවුන්ගේ මවුපියන් ඇතුළු මොහු සමීපව ඇසුරු කළ පුද්ගලයන් වේ.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලට ගොස් PCR පරීක්ෂණ 113ක් සහ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළ පරීක්ෂණ 52 සිදුකර ඇත. මේ දක්වා එම පුද්ගලයන්ගේ පරීක්ෂණ වාර්තා ලැබී නොමැති බවත් ඔවුන්ගෙන් මේ දක්වා ආසාදිත බවට තහවුරු වන රෝග ලක්ෂණ මතුවී නොමැති බවත් පැවසේ.
Comments
Post a Comment